ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පවුමක මිල රුපියල් 12,000 කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි.
කැරට් 24ක රන් පවුමක් 397,000 ක් මේ වනවිට රුපියල් වන අතර කැරට් 22 ක පවුමක මිල රුපියල් 362,200 ක් වේ.
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ඇත. එය මේ වසර අග වනවිට ඩොලර් 5,500 ට වඩා ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.