Loading...
පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CID යට පැමිණිල්ලක්.
Local පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CID යට පැමිණිල්ලක්.
  • Admin
  • Jan 26, 2026 | 15:00

පිළිකා ඖෂධ 40 ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවය.


ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජිව මහතා,


''ලියා පදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා.. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා''


මේ අතර ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙහිදී පවසා සිටියේය.