Loading...
වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි.
Local වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි.
  • Admin
  • Jan 25, 2026 | 12:59

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙයි.


රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ තෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි.


මැයි පළමු වනදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව මීට පෙර තෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේය.


අමාත්‍ය චන්දන අබේරත්න වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30 වනදා වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට එකඟතාව පළ කර ඇති බවයි.