ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 28 ක් ගතව තිබේ.
1998 වසරේ ජනවාරි මස 25 දා එනම් අද වැනි දවසක උදෑසන 6.05 ට පමණ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය.
මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ පටවාගත් ලොරියක් පුපුරුවා හැර එල්.ටී.ටී.ඊ සංවිධානය එකී විනාශය සිදුකර තිබුණි.
එසේම බෝම්බ ප්‍රහාරයෙන් බැතිමතුන් 16 දෙනෙකු මියගිය අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කෙරුණි.
බෝම්බ ප්‍ර‍්‍රහාරයෙන් විනාශ වූ දළදා මාළිගාවේ ස්ථාන රැසක් රුපියල් මිලියන 150 ක පමණ වියදමින් එවකට ප්‍රතිසංස්කරණය කරන ලදී.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩසිටි දළදා මැඳුරට කිසිදු විනාශයක් සිදුනොවීය.
එම කනගාටුදායක දිනය සිහිපත් කරමින් සංවිධාන කිහිපයක් විසින් වැල් බෝධිය අසල බෝධි පුජාමය පින්කමක් පවත්වා මියගිය පිරිසට පිං අනුමෝදනා කර තිබේ.