Loading...
නවසීලන්තයේ නායයෑම් දෙකකින් දෙදෙනෙක් මරුට තවත් පිරිසක් අතුරුදන්
Foreign News නවසීලන්තයේ නායයෑම් දෙකකින් දෙදෙනෙක් මරුට තවත් පිරිසක් අතුරුදන්
  • Admin
  • Jan 23, 2026 | 08:32

නවසීලන්තයේ හටගත් නායයෑම් දෙකකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් ගණනාවක්ම අතුරුදන් වී තිබේ. නවසීලන්ත මාධ්‍යවලට අනුව මින් එක නායයෑමක් වෙල්කම් බොක්කේ හටගෙන ඇති අතර අනෙක් නායයෑම සංචාරක පුරවරයක් වන මවුන්ට් මවුන්ගනුයි ප්‍රදේශයේ හටගෙන තිබේ. දෙවැනි නායයෑම ඇතිවූ මවුන්ට් මවුන්ට්ගනුයි ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන් වූ පිරිස සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව බලධාරීහු පවසති. එම ප්‍රදේශයේ නායයෑමත් සමගම අතුරුදන් වී ඇති පිරිස අතර කුඩා දැරියක්ද වන බව වාර්තා වී තිබේ.

නායයෑම් හටගෙන ඇති ප්‍රදේශවල පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාපතනයක් හා තද සුළං පැවති අතර ඒ හේතුවෙන් දරුණු ජලගැලීම් හා මහා පරිමාණයේ විදුලිය විසන්ධිවීම් වාර්තා වී තිබිණි. මේ අතර නවසීලන්ත අගමැති ක්‍රිස් ලුක්සෝන් නායයෑම් බලපා ඇති ප්‍රදේශවල අද (23දා) දිනයේ සංචාරය කිරීමට නියමිතය.