Loading...
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට.
Local නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට.
  • Admin
  • Jan 20, 2026 | 15:20

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබේ.


ලක්විජය බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ජනන යන්ත්‍ර තුනම මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඇති බවය.


ඒ අනුව මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් මෙලෙස පද්ධතියට එක්කර ඇති බව ද සඳහන් වේ.


පසුගිය නොවැම්බර් 03 වන දින සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලක්විජය ගල්අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබු අතර දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය විය.


එම ජනන යන්ත්‍ර දෙකම මේ වන විට අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව සක්‍රීය තත්ත්වයෙන් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.