විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640 කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති අතර ඔවුන්ගෙන් රුපියල් කෝටි 86 ත් 90 ත් අතර මුදලක් අදාළ ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එමෙන්ම විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත්ය.
අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බවය.