Loading...
ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.
Local ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.
  • Admin
  • Jan 19, 2026 | 15:27

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.


කිලෝමීටර් 35 ක් පමණ ගැඹුරින් වු භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06 ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව වාර්තා වේ.


එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51 ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්.


කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබේ.